Tamil Fonts
 
 
 
 
 
 
ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියෙහි අරමුණු
 
ඉදිකිරීම් කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා උපක්‍රම නිර්දේශ කිරීම සහ ඒවා ක්‍රියාවට නැංවීමට සහාය වීම.
ඉදිකිරීම් කර්මාන්තයට අදාල කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම සහ ශ්‍රේණිගත කිරීමේ කාර්යාවලිය නියාමනය කිරීම.
උපදේශකයන්ගේ වෘත්තිමය ආයතනයන්හි ක්‍රියාකාරකම් සම්බන්ධීකරණය කිරීම ඇතුළුව ඒ හා සමාන ආයතන ඇති කිරීම සඳහා සහාය දැක්වීම.
විදේශීය කොන්ත්‍රාත් බාරගැනීම මඟින් ඉදිකිරිම් කර්මාන්තයේ සේවාවන් අපනයනය සඳහා පහසුකම් සැපයීම.
ඉදිකිරිම් කර්මාන්තයට අදාල උපදේශාත්මක සේවාවන් සැපයීම.
මානව සම්පත්හි අවශ්‍යතාවයන් පිළිබඳව පිරීක්සා බලා පුහුණු වැඩසටහන් ලබා දීම සඳහා පහසුකම් සැලසීම.
ඉදිකිරීම් කර්මාන්තයේ වෘත්තීමය හා සේවා අංශයන්හි කුසලතාවයන් හා විශේෂඥතාවයන් වැඩිදියුනු කිරීම සඳහා  අනුබල දීම.
ඉදිකිරීම් කර්මාන්තයට අදාල අංශයන්හි පර්යේෂණ කටයුතු ප්‍රවර්ධනය කිරීම.
ඉදිකිරීම් කර්මාන්තයේ ඵලදායිතාවය සහ තත්ත්ව සහතිකය ප්‍රවර්ධනය කිරීම.
ඉදිකිරිම් කර්මාන්තයට අදාල කර්මාන්තයන්හි සංවර්ධනය සඳහා අනුබල දීම සහ සහාය දැක්වීම.
ඉදිකිරීම් කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා වන අනෙකුත් ක්‍රියාකාරකම් සඳහා සහාය දැක්වීම හෝ ඒවා ආරම්භ කිරීම.
   
 
 
 
 
  Construction Industry Development Act No - 33 of 2014  
 
© CIDA 2009. All Rights Reserved. Solution by Sri Lanka Telecom (Services) Ltd.