|
ඉදිකිරීම් කොන්ත්රාත්කරුවන ජාතික ඉදිකිරිම් ලැයිස්තුවේ ලියාපදිංචි කිරිම |
|
විවිධ නිර්නායකයන් යටතේ විවිධ සේවාදායක සංවිධාන මඟින් පසුගිය කාලවකවානුවේ කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කරන ලදි. රජය විසින් මෙම ක්ෂේත්‍රෙය් විෂමතාවයන් මගහරවා ගැනිමට සහ ඒකීයභාවය රඳා පවත්වා ගැනීම සඳහා ප්‍රධාන වශයෙන් කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීමට තීරණය කර ඇත. ඉදිකිරීම්, පුහුණු සහ සංවර්ධන ආයතනය මඟින් මූලික ලියපදිංචි සැලැස්මක් 1989 ආරම්භ කර ඇති අතර පිළිවෙළින් 1993, 1995 සහ 2008 වසර වලදී එය සංශොධනය කර ඇත. වෙනත් කිසිඳු නිශ්චිත කොන්ත්රාත්තුවන්ට යොමු නොවී විවිධ වර්ගයේ සහ ප්‍රමාණයේ ව්‍යාපෘති බාරගෙන කිරිමට අපේක්ෂිත කොන්ත්‍රාත්කරුවන්ගේ හැකියාව නිශ්චය කර ගැනීමේ පැහැදිලකි ක්‍රියාවලියන් ශ්‍රේණිගත කිරිම සහ ලියාපදිංචිය මෙම ශ්‍රේණිගත කිරිම හා ලියාපදිංචියේ දී ප්‍රධාන වශයෙන් තීරණය කෙරෙන්නේ කොන්ත්‍රාත්කරුවකු සතු මූල්‍යමය හැකියාව කාර්ය මණ්ඩලය හා යන්ත්‍රෝපකරණ භාවිතයේ තාක්ෂණික හැකියාව හා අදාල ක්ෂේත්‍රෙය් පළපුරුද්ද ඇගයීමට ලක්කිරිම මඟිනි. මෙම පටිපාටිය යටතේ මුලිකවම කොන්ත්‍රාත්කරුවන් මූල්‍යමය පදනම යටතේ ශ්‍රෙණි 10 ක් යටතේ වර්ගකරණය කරනු ලැබ ඇත. (M1 – M 10 ) මෙම M ශ්‍රේණිගත කිරීමේ ක්‍රමය වසර 2008 දී සංශෝධනය කළ අතර C 1 – C 10 නව ශ්‍රේණිගත කිරීම අළුතෙන් හඳුන්වා දෙන ලදි. රජයේ කොන්ත්‍රාත් බාර ගැනීම සඳහා මූලික අවශ්‍යතාවයක් වන ඉදිකිරීම් මඟින් පුහුණු සහ සංවර්ධන ආයතනයේ ලියාපදිංචි වීම වන අතර දැනට කොන්ත්‍රාත්කරුවන් 2500 ට වඩා වැඩි ප්‍රමාණයන් මෙලෙස මෙම ආයතනය සමඟ ලියාපදිංචි වී ඇත. කොන්ත්‍රාත්කරුවන්ගේ දත්ත පද්ධතියක්ද පවත්වා ගෙන යනු ඇත. |
|
(1) ලියාපදිංචි වැඩ සටහනේ වාසි / අරමුණ |
|
|
සේවාදායක සංවිධානයන්ට ශ්‍රේණිගත ක්‍රමය අනුගමනය කිරිම මඟින් ව්‍යාපෘතියට සුදුසුම කොන්ත්‍රාත්කරුවා තෝරා ගත හැක. විශාල කොන්ත්‍රාත් සඳහා වූ මූලික සුදුසුකම් මෙම ලියාපදිංචි ක්‍රමය මඟින් ආදේශ ිකරීමට අදහස් කර නොමැත. |
 |
ස්වයං සංවර්ධනය වර්ධනය කර ගැනිම ශ්‍රේණිගත කිරිම මඟින් දිරි ගන්වනු ලබන අතර තම හැකියාව අභිබවමින් ව්‍යාපෘති බාර ගැනීමද එමඟින් වලක්වනු ඇත. |
 |
නියමිත කාලය, පිරිවැය සහ තත්ත්ව ඉලක්කයන් ලා ගැනිම යන කරුණු තුල සිටිමින් තම කොන්ත්‍රාත් නිම කිරිමට කොන්ත්‍රාත්කරුවන්ට සහතික වීම. |
|
|
(2) මෙයඅදාලවන්නේකාසඳහාද |
|
ප්‍රාදේශීය ලේකම්වරුන් සමඟ හෝ සමාගම් පනත යටතේ සමාගම් රෙජිස්ට්‍රාර් සමඟ හෝ ගොඩනැගිලි/සිවිල් ඉංජිනේරු වැඩ ක්‍රියාත්මක කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ ලියාපදිංචි වී ඇති කොන්ත්‍රාත් සංවිධාන අවම වශයෙන් ශ්‍රි ලාංකිකයන් සතුව අවම වශයෙන් 60% හිමිකම |
|
(3)
ලියාපදංචියේ වලංගුභාවය |
|
ලියාපදිංචිය ලබාදීමෙන් පසු එය වසර 3 ක් සඳහා වලංගු වන අතර පසුව එය නැවත අළුත් කළ යුතුය. |
|
(4) කොන්ත්‍රාත් ලියාපදිංචි ක්රමයේ ශ්‍රේණි සහ මූල්‍ය සීමා |
|
ඉදිකිරීම් කර්මාන්තයෙ වර්තමාන තත්ත්වයට ගැලපෙන ආකාරයෙන් කොන්ත්‍රාත් ලියාපදිංචි පටිපාටියේ මූල්‍ය සීමාවන් සකස් කර ඇත. කොන්ත්‍රාත්කරුවන් ඇගයීම සඳහා ලකුණු දීමේ ක්රමයද මේ අනුව සකස් කර ඇත. කොන්ත්‍රාත්කරුවන් - (ICTAD/ID/10) ශ්‍රේණිගත කිරීමේ මාර්ගෝපදේශයන් ඉදිකිරීම්, පුහුණු සහ සංවර්ධන ආයතනයේ තොරතුරු මධ්‍යස්ථානයෙන් ලබා ගත හැක. සියළුම පාර්ශවයන්ගේ පහසුව තකා දම් පැහැති වාර්තා පොතක් නිකුත් කොට ඇත. මෙම ශ්‍රේණිගත ක්රමයේ සංක්ෂිප්ත වදන් “C” (ගොඩනැගිලි හා සිවිල් ඉංජිනේරු “EM” (ඉලෙක්ට්‍රිකල් හා යාන්ත්‍රික සේවා) “SP” (විශේෂිත ඉදිකිරිම්) සහ “GP” (පයිලින්) සහ මූල්‍ය සීමා පහත සඳහන් කර ඇත. කෙසේ වෙතත්, පළමු “M” ක්‍රමය 2010 සැප්තැම්බර් 01 දින සිට ක්‍රියාත්මක නොවේ. එම නිමා නව “C” ක්‍රමයට අදාළ මූල්‍ය සීමා සඳහන් කරමින් සේවාදායක සංවිධාන වලට ඔවුන්ගේ ව්‍යාපෘති සඳහා ලංසු තැබීමට ඉල්ලුම් කර ඇත. |
|
|
Financial Limits (Effective from 1st September 2008) |
|
ප්‍රධාන කොන්ත්‍රාත්කරු |
|
විශේෂිතය |
ශ්‍රේණිය |
මූල්‍ය සීමා (රු. මිලියන) |
ඉදිකිරීම් කොන්ත්‍රාත් |
C1 |
X ≥ 600 |
මහා මාර්ග |
C2 |
600 ≥ x >300 |
පාලම් |
C3 |
300 ≥ x |
ජල සැපයුම සහ ජලාපවහනය |
C4 |
150 ≥ x > 50 |
වාරිමාර්ග සහ භූමි ජලාපවහනය |
C6 |
25 ≥ x > 10 |
හෑරීම සහ ගොඩකිරිම |
C7 |
10 ≥ x > 05 |
වැසි ජලය බැස්සවීම |
C8 |
05 ≥ x > 02 |
වෙරළ ඛාදනය පනා බැමි සහ ගොඩකිරිම |
C9 |
02 ≥ x |
|
C10 |
01 ≥ x |
|
|
මූල්‍ය සීමා (2012 ජුනි 01 දින සිට ක්‍රියාත්මක වේ) |
|
විශේෂ කොන්ත්‍රාත්කරු |
|
විශේෂිතය |
උප විශේෂිතය |
ශ්‍රේණිය |
මූල්‍ය සීමාව (රු.මිලියන) |
විදුලි සහ යාන්ත්‍රික සේවා (EM) |
යාන්ත්‍රික වාතනනය සහ වායු සමීකරණය ((MVA)
ශීතකරණ (RF) විදුලි සවිකිරිම් (අඩු ධාරිතාවය) (EI – LV) ජලනල හා ජලාපවහනය (PD) සෝපාන, විදුලි පඩිපෙළ, ගුවන් තොටුපල ධාවන පත (EET) ජනන යන්ත්‍ර
විදුලි සවිකිරිම් (මධ්‍ය ධාරිතාව) (EI – MV) අමතර අඩු ධාරිතාව සවිකිරීම්( දත්ත විදුලි සංදේශ හා තොරතුරු පද්ධති (EIV) |
EM 1 |
X ≥ 50 |
EM 2 |
50 ≥ X > 25 |
EM 3 |
25 ≥ X > 10 |
EM 4 |
10 ≥ X > 02 |
EM 5 |
02 ≥ X |
විශේෂිත ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් (SPC) |
අළුමිනියම් සහ නිමාවන් (A&F)
බිම, බිත්ති සහ සිවිලින් නිමාවන්
(FW&C)
(නිමාව පිලිබඳව සඳහන් කළ යුතුය)
වඩුවැඩ සහ ලී සවිකිරීම්
සැහැල්ලු ලෝහ වැඩ (ME)
ගෙවතු තරණය (LA)
ලීබඩු, උපාංග හා උපකරණ
ජල රෝධන (WP)
පිහිණුම් තටාක
කර්මාන්ත
ගෘහස්ත.
පාංශු ස්ථායිතරණ්ය |
SP1 |
X ≥ 50 |
SP2 |
50 ≥ X > 25 |
SP3 |
25 ≥ X > 10 |
SP4 |
10 ≥ X > 02 |
SP5 |
02 ≥ X |
ජම්භාර |
පෙර නිපැයුම් ජම්භාර |
විදි පිරි ටැඹ |
|
|
GP-P |
X ≥ 50 |
GP-B1 |
X ≥ 150 |
GP-B2 |
150 ≥ X > 50 |
GP-B3 |
50 ≥ X > 10 |
GP-B4 |
10 ≥ X |
|
|
ICTAD ආයතනයේ සංවර්ධන අංශය හා සම්බන්ධ වීමෙන් වැඩිදුරටත් තොරතුරු ලබා ගත හැක. වලංගු ICTAD ලියාපදිංචිය හිමි කොන්ත්‍රාත්කරුවන් පිළිබඳ විස්තර සඳහා ICTAD වෙබ් අඩවිය පිරික්සිය හැක. |
|