ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය මගින් ඉදිකිරීම් ක්ෂේත්රයේ විශිෂ්ටයින් ඇගයීමට ලක් කරන ඉදිකිරීම් ක්ෂේත්රයේ ජාතික මහෝත්සවය වන ජාතික ඉදිකිරීම් සම්මාන උළෙල වසර තුනකට පසු යළි කොළඹ 07, සව්සිරිපායේ පිහිටි ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ ශ්රවණාගාරයේදී පසුගිය සිකුරාදා (30) අභිමානවත් ලෙස පවත්වනු ලැබුයේ 31 වන වරටයි.
2020 සහ 2021 වර්ෂවලට අදාළව සිවිල් ඉංජිනේරු ව්‍යාපෘති, ගොඩනැගිලි ව්‍යාපෘති, විද්‍යුත් හා යාන්ත්‍රික ඉදිකිරීම්, හරිත ඉදිකිරීම් සහ ප්‍රාදේශීය ව්‍යාපෘති යන අංශ ඔස්සේ සම්මාන 65 ක් මෙහිදී ලබා දීම සිදු කෙරුණි. ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් කර්මාන්තය නියාමනය කරමින් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විශිෂ්ටතාවයන් හදුනා ගැනීමත්, එම විශිෂ්ටතාවයන් ලබා ගැනීමට භාවිතා කළ ක්‍රියාවලින් ඇගයිමත්, ශ්‍රි ලංකාවේ ඉදිකිරීම් කර්මාන්තයේ වෘත්තීයභාවය හා විශිෂ්ටත්වය ඇගයීමට ලක් කිරීමත් මෙම ජාතික සම්මාන උළෙලේ මුලික අරමුණ වේ.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍යවරුන් වන අරුන්දික ප්‍රනාන්දු හා තේනුක විදානගමගේ, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද, ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ සභාපති ආර්.එච්. රුවිනිස්, එහි අධ්‍යක්ෂ ජනරාල් එස්. අමරසේකර යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වුහ.
National Construction Excellence Awards Ceremony...
04 07 2023 - 19:00 PM
Designing of Electrical System for Buildings...
29 06 2023 - 11:00 AM
One Day Workshop on How to Use principles of...
29 06 2023 - 11:00 AM
Awareness Programme on AML / CFT Compliance...
21 06 2023 - 13:00 PM