එසේ නොමැති වුවහොත් තෘප්තිමත් රාජ්‍ය සේවයක් බළාපොරොත්තු විය නොහැකි බවද ඔහු සඳහන් කළේය.
ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ වෘත්තීය සමිති නියෝජිතයන් හා නිළධාරීන් සමඟ බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී සිකුරාදා (26) පැවැති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.
අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය....
මම වෘත්තීය සමිති සමඟ සහයෝගයෙන් වැඩකරන කෙනෙක්. පළාත් සභාවේ ඉන්න කාලේ ඉදලම කිසිම දවසක වෘත්තීය සමිති සමඟ ගැටුම් ඇති කරගත්තේ නැහැ. විරුද්ධ පාක්ෂිකයන්ගෙන් පළිගන්නේ නැහැ. මම හැමදාම හිටියේ වැඩකරන මිනිහගෙ පැත්තෙයි.
ඒ නිසා ඕනම සේවකයෙක්ට ඕනම මොහොතක මාව හමුවෙලා කතා කරන්න පුළුවන්. මම හැංගිලා තීන්දු ගන්න කෙනෙක් නොවයි. ඇතැම් තීන්දු තීරණ ගැන මම අමාත්‍යංශයේ සුළු සේවකයන්ගෙන් පවා ඒ ගැන විමසනවා. සඳළු තලෙන් බිමට බැස්සම මිනිස්සුන්ව තේරුම් අරන් වැඩකරන්න පහසු යැයිද සඳහන් කළේය.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් රත්නායක, ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ සභාපති මහාචාර්ය සොහාන් විජේසේකර, අධ්යක්ෂ ජනරාල් ආර්. රාමලිංගම් මහත්වරුන් සහ ප්රගතිශීලී පොදුජන වෘත්තීය සමිතිය, ජාතික සේවක සංගමය සහ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ වෘත්තීය සමිති නියෝජිතයෝ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
ඉදිකිරීම්...
01 09 2022 - 16:00 PM
Primavera P6 - Intensive Course on Project...
16 08 2022 - 10:00 AM
Guideline : Registration of Foreign Construction...
25 07 2022 - 11:15 AM
Calling Applications from CIDA Registered Design...
25 04 2022 - 14:00 PM