ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කුඩා හා මධ්‍ය පරිමාණ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙනු ලබන ආරවුල් විසදීම සදහා වන සායනයේ සමාරම්භක උත්සවය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම්/ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ වැඩ බලන සභාතිතුමන් වන ඩබ්.එස් සත්‍යානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) දින කොළඹ 07 සව්සිරිපාය ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම්/ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ වැඩ බලන සභාතිතුමන් වන ඩබ්.එස් සත්‍යානන්ද මහතාගේ උපදෙස් මත ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය (CIDA) විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.
කුඩා සහ මධ්‍ය පරිමාණ කොන්ත්‍රාත්කරුවන්ගේ ඉදිකිරීම් ආරවුල් විසඳීම සඳහා ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන ආයතනය විසින් ආයතනය සතු තීරකවරුන් (Panel of Adjudicators) සම්බන්ධ කරගනිමින් නොමිලේ පවත්වනු ලබන දෙදින උපදේශන වැඩ සටහනේ පළමු දිනය මෙලෙස ආරම්භ කලේය. CIDA හි ආයතනික සමාජ වගකීමක් ලෙස සංවිධානය කරනු ලබන මෙම වැඩසටහන තුලින් පාර්ශවයන් අතර ඇති කාර්මික ආරවුල් අවම වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Certificate Course in Quantity Surveying...
06 03 2025 - 15:30 PM

Diploma in Quantity Surveying...
06 03 2025 - 15:30 PM

One Day Seminar on Water Conservation and...
05 03 2025 - 10:30 AM

One Day Seminar on Practical Application Plumbing...
03 03 2025 - 13:30 PM