Construction Industry Development Authority

Ministry of Housing, Construction and Water Supply




CIDA Progress Review Meeting

27 09 2022 - 16:00 PM

ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ ප්‍රගති සමාලෝචන රැස්වීම නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ ඇති ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ ප්‍රගති සමාලෝචන රැස්වීම නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණ.

එහිදී අදහස් දක්වමින් නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා සඳහන් කළේ රට මුහුණදී තිබෙන ආර්ථික අර්බුදය ජය ගැනීමට ඉදිකිරීම් සංවර්ධන අධිකාරියට සුවිශේෂී වැඩ කොටසක් කිරීමට හැකියාව ඇති බවයි.

මේ ආයතනය මැදිහත්ව රටට එක ඩොලරයක් හරි ගේන්න වැඩපිළිවෙළක් සකසන්න පුළුවන්නම් එය මහත් ජයග්‍රහණයක් බව කී රාජ්‍ය අමාත්‍යවරයා ඒ සඳහා ආයතනයේ සියලුම දෙනා එකට එක්ව එකාවන්ව වැඩ කළ යුතු බවද සදහන් කළේය.

නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් අනිල් විජේසිරි, ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ සභාපති මහාචාර්ය සොහාන් විජේසේකර , ක්‍රියාකාරී අධ්‍යක්ෂ යූ.එස් අබේරත්න මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.



JOIN US

CONTACT US

  • Construction Industry Development Authority
  • "Savsiripaya", 123, Wijerama Mawatha,
  • Colombo 07. Sri Lanka.
  • +94-11-2699801
  • +94-11-2699738
  • info@cida.gov.lk
15009731