කුඩා හා මධ්‍ය පරිමාණ කොන්ත්‍රාත්කරුවන්ගේ ඉදිකිරීම් ආරවුල් විසදීමට උපදේශන වැඩසටහනක් ඇරඹෙයි. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ ඇති ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය (CIDA) විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි. එහි සමාරම්භක උත්සවය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07, සව්සිරිපායේදී පැවැත්විණි.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් මත මෙම වැඩසටහන ක්‍රියාවට නැංවේ. දේශීය කුඩා හා මධ්‍ය පරිමාණ කොන්ත්‍රාත්කරුවන් මුහුණ පා ඇති ගැටළුවලට සහනයක් ලබා දීම මෙහි අරමුණයි.
මෙහි ප්‍රධාන දේශනය සිදු කලේ සිවිල් ඉංජිනේරු විද්‍යාව පිළිබද ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ශ්‍රී ලංකා හරිත ගොඩනැගිලි කවුන්සිලයේ සභාපති ඉංජිනේරු රංජිත් දිසානායක මහතා විසිනි.
ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියාමකයා ලෙස, 2014 අංක 33 දරණ ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනත යටතේ කොන්ත්‍රාත්කරුවන්ගේ ගැටළු විසඳීම සම්බන්ධයෙන් ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය කටයුතු කරනු ලබයි.
ශ්‍රී ලාංකීය ඉදිකිරීම් කර්මාන්තය රටේ ආර්ථිකය සඳහා ප්‍රධාන දායකත්වය සපයයි. නමුත් කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් 2020 වසරේ සිට ඉදිකිරීම් ක්ෂේත්‍රයට විශාල බලපෑමක් ඇති වී තිබේ. පසුගිය කාලය තුළ රට මුහුණ දුන් ආර්ථික ගැටලු මත බොහෝ කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපෘති අවසන් කර ගැනීමට නොහැකිව කොන්ත්‍රාත්කරුවන් ආරවුල් සහගත තත්ත්වයකට මුහුණ දී තිබේ. මෙම තත්වය තුල කුඩා සහ මධ්‍ය පරිමාණ කොන්ත්‍රාත්කරුවන් ඔවුන්ගේ ආරවුල් විසඳාගත නොහැකිව පීඩාවට පත්ව සිටී.
කුඩා සහ මධ්‍ය පරිමාණ කොන්ත්‍රාත්කරුවන් ඉදිකිරීම් කර්මාන්තය තුලින් රටේ ආර්ථික වර්ධනයට විශාල දායකත්වයක් ලබා දෙයි. වර්තමානය වන විට 4,000 ක් පමණ වූ ලියාපදිංචි කොන්ත්‍රාත්කරුවන් ප්‍රමාණය 2,000 ක් පමණ දක්වා අඩු වී තිබේ. මෙම තත්ත්වය වර්තමානයේ ඉදිකිරීම් කර්මාන්තය කඩා වැටීමට හේතු වී ඇත.
ඒ අනුව කුඩා සහ මධ්‍ය පරිමාණ කොන්ත්‍රාත්කරුවන්ගේ ඉදිකිරීම් ආරවුල් විසඳීම සඳහා ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය විසින් සිය ආයතනය සතු තීරකවරුන් සම්බන්ධ කර ගනිමින් නොමිලේ මෙම උපදේශන වැඩසටහන පවත්වනු ලබයි. මෙම උපදේශන වැඩසටහන ඉදිරියේදී ගම්පහ ඇතුළු අනෙකුත් දිස්ත්‍රික්කවලත් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

One day Seminar on Circular Economy in...
30 09 2026 - 08:30 AM

One Day Seminar on Material Properties and...
30 09 2026 - 08:30 AM

Diploma in Construction Safety and Occupational...
30 09 2026 - 08:30 AM

Notice to C7, C8, and C9 Contractors...
21 09 2026 - 13:20 PM