ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිපුණතාවය සහිත ඉදිකිරීම් ශිල්පීන් ලියාපදිංචි කිරීම සහ ඔවුන් සදහා ශිල්පි හැදුනුම්පත් නිකුත් කිරීමේ සමාරම්භක උත්සවය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) දින කොළඹ 07, සව්සිරිපායේදී පැවැත්විණි.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් මත ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය (CIDA) විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි. ඉදිකිරීම් ශිල්පීන් ලියාපදිංචි කිරීමට අදාළ වෙබ් පිටුව එළිදැක්වීමද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී සිදු කෙරිණි.
ඉදිකිරීම් කර්මාන්තයේ නියුතු පාර්ශවකරුවන් වන කොන්ත්‍රාත්කරුවන්, දේපළ සංවර්ධනකරුවන්, ඉදිකිරීම් ද්‍රව්‍ය හා උපාංග සැපයුම්කරුවන් හා නිපුණ ශ්‍රමිකයින් ලියාපදිංචි කිරීම ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය සතු කාර්යභාර්යකි. 2014 අංක 33 දරණ ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනතට අනුව මෙම වැඩසටහන මගින් නිපුණ ඉදිකිරීම් ශ්‍රමිකයින්ගේ දැනුම, කුසලතා හා ආකල්ප පරීක්ෂා කර ලියාපදිංචි කිරීම, ශිල්පි හැදුනුම්පත් නිකුත් කිරීම හා ඔවුන්ගේ තොරතුරු දත්ත ගබඩාවක් පවත්වා ගෙන යාම සිදු කෙරේ. දේශීය සහ විදේශීය ඉදිකිරීම් ක්ෂේත්‍ර වලට අවශ්‍ය ඉදිකිරීම් ශ්‍රමිකයින් සවිබල ගැන්වීම මෙහි අරමුණයි.
මෙහි ලියාපදිංචි වන ඉදිකිරීම් ශ්‍රමිකයින් මූලික වශයෙන් ක්ෂේත්‍ර 25 ක් යටතේ වර්ගීකරණය කොට ‘ප්‍රධාන ඉදිකිරීම් ශ්‍රමිකයින්’ සහ ‘ඉදිකිරීම් ශ්‍රමිකයින්’ ලෙස කාණ්ඩ 2 ක් යටතේ ඔවුන් සදහා ශිල්පීය හැදුනුම්පත් ලබා දීම සිදු කෙරේ. ‘ප්‍රධාන ඉදිකිරීම් ශිල්පි’ කාණ්ඩයේ හැදුනුම්පත ලබා දීමේදී NVQ - 4 මට්ටම හා වසරක පළපුරුද්ද අවශ්‍ය වේ. ‘ඉදිකිරීම් ශිල්පි’ කාණ්ඩයේ හැදුනුම්පත ලබා දීමේදී NVQ - 3 මට්ටම හා මාස 6 ක පළපුරුද්ද අවශ්‍ය වේ.
නිපුණ ඉදිකිරීම් ශ්‍රමිකයෙකු ලෙස ලියාපදිංචි කිරීම සදහා කුසලතා පරීක්ෂණයක් (Skills Test) පවත්වනු ලැබේ. එය සමත් වන ශිල්පීන් සදහා හැදුනුම්පතට අමතරව ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය විසින් සහතික පත්‍රයක්ද පිරිනැමේ. ඊට අමතරව නිපුණ ශ්‍රමික මාර්ගෝපදේශ අත්පොතක් සහ නිපුණ ශ්‍රමික වාර්තා පොතක්ද එම ශිල්පීන් සදහා ලබා දෙයි. මෙම කුසලතා පරීක්ෂණය වාචික සහ ප්‍රායෝගික ලෙස කොටස් දෙකකින් යුක්තය. ඉදිකිරීම් ක්ෂේත්‍රය පිළිබද දැනුම හා අවබෝධය, කාර්යක්ෂමතාවය, ශිල්පීය හැසිරීම, වෘත්තීමය ආචාරධර්ම, රාජකාරියේ පූර්ව දැනුම, උපකරණ හා මෙවලම් නිවැරදි ආකාරයෙන් භාවිතා කිරීම සහ නිමාව පිළිබද පරීක්ෂාව යන කරුණු පිළිබදව මෙහිදී අවධානය යොමු කෙරේ.
නිපුණ ශ්‍රමිකයෙකු ලෙස ලියාපදිංචි වීමෙන් අනතුරුව ගෝලීය අවශ්‍යතාවයට අනුකූලව සවිබල ගැන්වීම තුළින් ඔවුන්ට දේශීය හා විදේශීය රැකියා අවස්ථා සදහා යොමු වීමේ හැකියාව පවතී. එමෙන්ම වඩා ළුලදායි හා ගුණාත්මක නිපුණ ශ්‍රම බලකායක කොටස්කරුවෙකු වීමේ අවස්ථාව සහ වෘත්තීමය ප්‍රමිතිය වැඩි දියුණු කර ගැනීමටද මෙම වැඩසටහන මගින් අවස්ථාව උදා වේ.
මෙම අවස්ථාවට නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍යවරුන් වන අරුන්දික ප්‍රනාන්දු හා තේනුක විදානගමගේ, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් රත්නායක, අතිරේක ලේකම් අනිල් විජේසිරි, ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ සභාපති සොහාන් විජේසේකර, එහි අධ්‍යක්ෂ ජනරාල් සංජීව ජයසුන්දර යන මහත්වරුන් ඇතුළු නිළධාරීන් පිරිසක් සහභාගි වුහ.

Construction Claims & Dispute Resolutions in...
16 03 2026 - 10:00 AM

Invitation for Expression of Interest (EOI) for...
11 03 2026 - 13:00 PM

Instructions for Registration as an Adjudicator...
03 03 2026 - 13:00 PM

Resilient Roofing Design and Best Practices in...
25 02 2026 - 15:10 PM